Wednesday, January 1, 2020

2020 වසරේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි ඇරඹීම ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිදු කෙරිණි


මාතර දිස්ත්‍රික්කයේ 800000 ට අධික ජනතාවට සේවය කිරීම සඳහා ස්ථාපිත මාතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2020 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මාතර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමාජයෝජක දිද්දෙනිපොත නන්ද රතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආගමික කටයුතු සිදු කෙරිණි.

මාතර අතරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා සහ මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහතාමිය ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...