'සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යවත් රටක්' තේමාව යටතේ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත් වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජනරජයේ 72 වන අභිමානවත් ජාතික
නිදහස් දින සමරු උළෙලට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික්
ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උත්සවයක් සංවිධානය කර තිබුණි.
මාතර දිස්ත්‍රික්
ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ජාතික කොඩිය එසවීමෙන් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය
නිලධාරීන් හා එක්ව ජාතික ගීය ගායනා කරන ලදි. අනතරුව මාතර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු
සමායෝජක දිද්දෙනිපොත නන්දරතන හිමියන් ආගමික වතාවත් සිදු කළ අතර ඉන් පසු සභාව ඇමතූ දිසාපති
වරයා නිදහසේ වැදගත්කම හා ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස තහවුරු කර ගැනීම සඳහා නව රජය ගෙනයන
වැඩපිළිවෙලට රාජ්‍ය නිලධාරීන් සහයෝගිය ලබාදීය යුතු බවත් ඒ සඳහා තම රාජකාරිය නිසි පරිදි
ඉටුකළ යුතු බවත් මෙහි දී පැවැසී ය.
ශ්‍රී ලාංකේය ජනතාවගේ
නිදහස ආරක්ෂකර ගැනීම සඳහා ක්‍රියාකළ යුතු ආකාරය හා ඒ සඳහා පවතින අභියෝග පිළිබඳව මාතර
දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පරදුව ජිනරතන නාහිමියෝ විශේෂ දේශනයක්
පැවැත්වූහ.
මේ අවස්ථාවට මාතර
අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා හා අතිරේක දිස්ත්‍රික් ලේකම්
(ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්යමණ්ඩලය සහභාගි වී
සිටියහ.
No comments:
Post a Comment