'සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යවත් රටක්' තේමාකරගත් 72 වන අභිමානවත් ජාතික
නිදහස් දින සමරු උළෙලට සමගාමීව මාතර
අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ ජාතික නිදහස් දිනය සැමරීම ගාලු
රදගුරු පදවි අනුනායක ගරු චාල්ස් හේවාවසම් පියතුමාගේ ප්‍රධානතවයෙන් ඊයේ (04) දින එම
දේවස්ථානයේ දී සිදු කෙරිණි.
මෙහි දී දේවස්ථාන පරිශ්‍රයේ කොහොඹ පැළයක් රෝපණය කිරීම
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා අතින් සිදු විය.
මේ අවස්ථාවට මාතර
අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා හා මාතර ප්‍රාදේශිය ලේකම් දීපිකා
කේ.ගුණරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, හමුදාව, පොලිසිය හා බැතිමතුන් පිරිසක්
සහභාගි වී සිටියහ.
සිද්ධස්ථාන පරිපාලක ගරු මයිකල් කොලින් පියතුමා මෙම
සැමරුම් උත්සවය සංවිධානය කර තිබූණි.
No comments:
Post a Comment