Tuesday, February 4, 2020

72 වන ජාතික නිදහස් දිනයදා මාතර රුක්රෝපණය කෙරේ


'සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යවත් රටක්' තේමාකරගත් 72 වන අභිමානවත් ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව ශ්‍රී ලංකාව සතු 29% ක් වූ වන ගහනය ඉදිරි පස් වසර තුළ 32% දක්වා වැඩිකිරීමේ පරිසර ප්‍රතිපත්තියට අනුව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය සහ මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණය ආශ්‍රිතව රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා හා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්යමණ්ඩලය සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...