Sunday, February 23, 2020

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බරවකුඹුක දක්වා කොටස ජනපති සුරතින් ජනතා අයිතියට


ශ්‍රී ලංකාවේ දිගම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ හා වාණිජ අගනුවර වන කොළඹ සම්බන්ධ කෙරෙන අවසන් අදියර වන මාතර - පාලටුව සිට බරවකුඹුක මාර්ග දිගුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් ඊයේ (23) දින ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම අධිවේගී මාර්ග කොටසේ මුළු දිග ප්‍රමාණය කිලෝමීටර 96 කි. මෙහි ඉදිකිරීම් කොටස් හතරකින් සිදු කොට තිබේ. කිලෝමීටර් 96 තුළ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 08 ක් ක්‍රියාත්මක වෙයි. එම අන්තර් හුවමාරු මධ්‍යස්ථන නම්, ගොඩගම- නාගොඩ, අපරැක්ක, බෙලි අත්ත, කසාගල, අගුණකොළපැලැස්ස, වැටිය, සූරියවැව, අන්දරවැව යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වෙයි.

මේ අවස්ථාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, රොහාන් රත්වත්තේ, නාමල් රාජපක්ෂ, කංචන විජේසේකර සහ නිරෝෂන් ප්‍රේමරත්න හා දකුණු පළාත් ආණ්ඩුකාරතුමන් ප්‍රමුඛ මැති ඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ රාජ්‍ය නිලධාරීන්, චීන නියෝජිතයින්, ප්‍රදේශවාසී ජනතාව සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...