Thursday, February 6, 2020

මාතර - මාතොටගම සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර


මාතර - මාතොටගම ප්‍රදේශයේ ඉදිකිරීම ආරම්භකර අතහැර දමා තිබූ සංඝාවාස ගොඩනැගිල්ල නැවත ඉදිකිරීම සඳහා ගරුතර මහාසංඝ රත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සුරතින් මුල්ගල තැබීම පසුගිය ජාතික නිදහස් දිනය දා (04) සිදු කෙරිණි.

මෙම ප්‍රදේශයේ 500 ට අධික පවුල්වල ජනතාව ජීවත්වන අතර ඔවුන්ගේ වන්දනාමාන කටයුතු හා ආගමික වතාවත් සිදුකර ගැනීම සඳහා මෙම සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකර ගරුතර මහාසංඝරත්නය උදෙසා පූජා කිරීම සිදු කිරීමට නියමිත ය.

මේ අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...