Tuesday, February 11, 2020

මාතර ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවෙන් තීන්දු තීරණ රැසක්


මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කමිටුවේ සභාපති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගරයේ දී පැවැත්විණි.

එහි දී මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ විවිධ ක්ෂේත්‍ර වලට අදාළව මෙන්ම උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන, මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන, රැකියා ලක්ෂයේ වැඩසටහන, වාරි සෞභාග්‍යය වැඩසටහන, ගමට ගෙයක් නිවාස ව්‍යාපෘතිය, ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ගැටළු සහ යෝජනා, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා  සමෘද්ධි සංවර්ධන වැඩසටහන, මාතර - කතරගම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධ ගැටළු, මාතර නගර සංවර්ධනය, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, කෘෂිකර්ම / ඉඩම් / වාරිමාර්ග / සත්ත්ව පාලන කටයුතු, මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, පළාත් පාලන කටයුතු, ප්‍රවාහන කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් / විදුලි සන්දේශ, ආදිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාව සඳහා කමිටුවේ නියෝජ්‍ය සභාපති අරුණ ගුණරත්න මහතා,  මාතර නගරාධිපති රංජිත් යසරත්න මහතා, මාතර ප්‍රාදේශිය සභාවේ සභාපති විමල් ප්‍රියජනක මහතා, මාතර මහා නගර සභාවේ මන්ත්‍රීවරුන්, මාතර ප්‍රාදේශීය සභා නියෝජිතයින් ඇතුළු ජනතා නියෝජිතයින් සහ මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් දීපිකා කේ ගුණරත්න මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය රැස්වීම සංවිධානය කරන ලදි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...