අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන
සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයට සමගාමීව ජනමාධ්‍යවේදීන් සඳහා පහසුකම් සැපයීම
සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙලට අනුව ජනමාධ්‍යවේදීන්
සඳහා වූ පළමු මාධ්‍ය මධ්‍යස්ථානය (press club) මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් සඳහා විවෘත කිරීම තොරතුරු හා සන්නිවේදන
තාක්ෂණ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සුරතින් හෙට (01) පෙ.ව.
11.00 ට මාතර ප්‍රධාන බස් නැවතුම්පොළේ ඉහළ මහළේ දී සිදු කෙරේ.
මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු ම ජනමාධ්‍යවේදීන්
වෙනුවෙන් විවෘත කෙරෙන මෙම මාධ්‍ය මධ්‍යස්ථානය දුරකථන පහසුකම්, ෆැක්ස් පහසුකම් හා අන්තර්ජාල
පහසුකම් ඇතුළු ජනමාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය පහසුකම් රැසකින් සමන්විත වේ.
මේ අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්
සහ මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හා ලේක්හවුස් ආයතනය
ඒකාබද්ධව මෙය යථාර්ථයක් බවට පත් කරන ලදි.
No comments:
Post a Comment