Thursday, January 30, 2020

මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් මිලියන 499 ක්


මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 70 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසිදාස් අටසිය විසි දෙදෙනෙකු (20822) සඳහා මසකට රුපියල් දෙදහස (2000) බැගින් එක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු සඳහා වසරකට රුපියල් 24,000 ක් රජය මගින් ලබාදෙයි. ඒ අනුව පසුගිය 2019 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 70 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් හතලිස් නව කෝටි අනූහත්ලක්ෂ විසිඅට දහසක් හෙවත් රුපියල් මිලියන 499.72 ක (499728000) මුදලක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය මගින් ලබා දී ඇති බව මාතර දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන සහකාර චමිලා සමරසිංහ මහත්මිය සඳහන් කරයි.

මාතර පුවත් වෙත අදහස් දක්වමින් ඇය තවදුරටත් පැවසුවේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් දෙසිය පස්දෙනෙකු (1205) සඳහා රුපියල් විසිහතර ලක්ෂ දසදහසක් (2410,000) ද, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් හයසිය විසිදෙදෙනෙකු (1622) සඳහා රුපියල් තිස්දෙලක්ෂ හතලිස්හතර දහසක් (3244,000) ද, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් එකසිය තිස්හත්දෙනෙකු (1137) සඳහා රුපියල් විසිදෙලක්ෂ හැත්තහතර දහසක් (2274,000) ද, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නවසිය හැටදෙනෙකු (960) සඳහා රුපියල් දහනව ලක්ෂ විසිදහසක් (1920,000) ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නවසිය අනූහතරදෙනෙකු (994) සඳහා රුපියල් දහනව ලක්ෂ අසූඅට දහසක් (1988,000) ද, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නවසිය පනස්හතර දෙනෙකු (954) සඳහා රුපියල් දහනව ලක්ෂ අටදහසක් (1908,000) ද, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් දෙසිය හතලිස් නවදෙනෙකු (1249) සඳහා රුපියල් විසිහතර ලක්ෂ අනූඅට දහසක් (2498,000) ද, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදාස් හාරසිය හැටදෙනෙකු (2460) සඳහා රුපියල් හතලිස් නවලක්ෂ විසිදහසක් (4920,000) ද, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් හයසිය හැටනවදෙනෙකු (1669) සඳහා රුපියල් තිස්තුන් ලක්ෂ තිස්අට දහසක් (3338,000) ද, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදාස් තුන්සිය තිස්නවදෙනෙකු (2339) සඳහා රුපියල් හතලිස්හය ලක්ෂ හැත්තඅට දහසක් (4678,000) ද, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අටසිය අනූඅට දෙනෙකු (898) සඳහා රුපියල් දාහත්ලක්ෂ අනූහය දහසක් (1796,000) ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් හැත්තඑක් දෙනෙකු (1071) සඳහා රුපියල් විසිඑක් ලක්ෂ හතලිස් දෙදහසක් (2142,000) ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් තුන්සිය අනූ දෙදෙනෙකු (1392) සඳහා රුපියල් විසිහත් ලක්ෂ අනූහතර දහසක් (2794,000) ද, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් තුන්දෙනෙකු (1003) සඳහා රුපියල් විසිලක්ෂ හය දහසක් (2006,000) ද,  අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් එකසිය හත්දෙනෙකු (1107) සඳහා රුපියල් විසිදෙලක්ෂ දාහතර දහසක් (2214,000) ද හා කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හත්සිය හැටදෙදෙනෙකු (762) සඳහා රුපියල් පහළොස් ලක්ෂ විසිහතර දහසක් (1524,000) ද වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසිදාස් අටසිය විසි දෙදෙනෙකු (20822) සඳහා රුපියල් හතලිස් නව කෝටි අනූහත්ලක්ෂ විසිඅට දහසක් හෙවත් රුපියල් මිලියන 499.72 ක (499728000) මුදලක් ලබා දී ඇති බවයි.

ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ දත්ත වලට අනුව මේ වනවිට වැඩිහිටි දීමනාව හිමි ලංකාවාසී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව හාරලක්ෂ දහසය දහස් හයසිය හැටහතක් (416,667) වේ.

වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වයස අවුරුදු 70  ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදහසකට (2000) අධික පිරිසක් මාතර දිස්ත්‍රික්කයේ සිටින අතර දිවයින පුරා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්ලක්ෂ තිස් හත්දහසකට (137,000) අධික පිරිසක් පොරොත්තු ලේඛනගතව සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලයීය දත්ත අනුව තහවුරු වේ.

දැනට මාසිකව රුපියල් 2000 ක් ලෙස ගෙවන වැඩිහිටි දීමනාව රුපියල් 2500 ක් දක්වා වැඩි කිරිමට ද ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය සැලසුම් කර ඇත.

දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුමක් ලෙස හරිත ග්‍රාම සංවර්ධන සංකල්පය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩසටහනක් හෙට (31) මාතර දී


දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුමක් ලෙස හරිත ග්‍රාම සංවර්ධන සංකල්පය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (31) පෙ.ව.9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වීමට නියමිත බව මාතර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී නුවන් දිසානායක මහතා පැවසී ය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාය, පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යංශය, දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය හා මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සම්මේලනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි.

මාතර දිස්ත්‍රික්කයේ ගොවි විශ්‍රාම වැටුප් ලාභීන්ට රුපියල් මිලියන 35 ක්


කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය මගින් 2019 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ ගොවි විශ්‍රාම වැටුප් ලාභීන් 10770 දෙනෙකු සඳහා රුපියල් තුන් කෝටි හැට නව ලක්ෂ අනූපන්දහස් හයසිය අසූ එකක (රු. 35695681.00) මුදලක් ගෙවා ඇති බව කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ මූලස්ථාන සංවර්ධන නිලධාරී එච්.එම්.විතාරණ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැති මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී අදහස් දක්වමිනි.

ගොවි විශ්‍රාම වැටුප් ලැබීම සඳහා සුදුසුකම් ලැබූ 26 දෙනෙකුගේ තොරතුරු ද ඉදිරි කටයුතු සඳහා ප්‍රධාන කාර්යාලයට යොමු කර ඇති බව ද ඒ මහතා සඳහන් කරන ලදි.

1987 දී ආරම්භ කළ ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වූ ගොවීන් ලක්ෂ 10 ට අධික පිරිසක් සිටිති.

පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාව සඳහා මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන්, ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේදීර මහත්මිය ප්‍රමුඛ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...