Friday, March 6, 2020

මාතර රාහුල විද්‍යාලයේ සනිරු දුල්නෙත් පෙරේරා සිසුවාගෙන් මාතර දිස්ත්‍රික්කයට ජයග්‍රහණ රැසක්


මාතර රාහුල විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සනිරු දුල්නෙත් පෙරේරා සිසුවා පසුගිය වසර කිහිපය තුළ සංගීත අංශයෙන් තම විද්‍යාලයට ජයග්‍රහණ රැසක් හිමිකර දී තිබේ.

2019 වර්ෂයේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් පවත්වන ලද අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන තරඟාවලියේ සමස්ත ලංකා මට්ටමින් ශාස්ත්‍රීය වාදන (ස්වර වාද්‍ය) ප්‍රථම ස්ථානය හා ශාස්ත්‍රීය වාදන (තාල වාද්‍ය - තබ්ලා) අංශයේ ප්‍රථම ස්ථානය දින ගන්නා ලදි.

2019 වසරේ දකුණු පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් පැවැත් වූ සංස්කෘතික තරාවලියේ දකුණු පළාත් අවසන් තරඟයෙන් ශාස්ත්‍රීය වාදන (ස්වර වාද්‍ය) ප්‍රථම ස්ථානය හා ශාස්ත්‍රීය වාදන (තාල වාද්‍ය - තබ්ලා) අංශයේ ප්‍රථම ස්ථානය දින ගනු ලැබී ය.

2018 වර්ෂයේ සංස්කෘතික අමාත්‍යංශයෙන් පවත්වනු ලැබූ අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන තරාවලියේ සමස්ත ලංකා මට්ටමින් ශාස්ත්‍රීය වාදන (ස්වර වාද්‍ය) කණිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය සහ 2018 වසරේ දිවිනැගුම දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලැබූ පිපෙන කැකුලු ළමා සමාජ තරඟාවලියේ ශාස්ත්‍රීය වාදන (ස්වර වාද්‍ය) කණිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදි.

2017 වසරේ පාසල් සංගීත තරඟාවලියේ සමස්ත ලංකා මට්ටමින් ශාස්ත්‍රීය වාදන (වයලීන්) ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත. මීට අමතරව 2015 හා 2016 වර්ෂවල පාසල් සංගීත තරඟාවලියේ පාසලෙන් ඉදිරිපත් වූ ජන ගී ආශ්‍රිත නිර්මාණ සමූහ වාදන අංශයෙන් හින්දි ගීත සමූහ සහ අනෙකුත් සෑම තරඟාවලියක ම සාමාජිකයෙකු වශයෙන් කටයුතු කොට ඇත. දහම් පාසල් තරඟාවලියේ මව්පිය ගුණ ගී හා පද්‍ය ගායනා තරඟ වලින් ද ජයග්‍රහණ හිමිකරගෙන තිබේ. එසේ ම පාසලේ වාදකමණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

භාත්ඛණ්ඩ වාද්‍ය විශාරද (II) (වයලින් හා තබ්ලා) විභාග සඳහා ද මේ වන විට ඉදිරිපත්ව ඇත. 

මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පති එස්.වෙලගේ මහතාගේ සහ නියෝජ්‍ය විදුහල්පති ලලනි කුමාරි මහත්මියගේ  මගපෙන්වීම මත රසිකා ප්‍රියදර්ශනී ගුරුතුමිය, විරාජ් සිසිර කුමාර ගුරුතුමා, ගීතා නිල්මිණී ගුරුතුමිය හා විශාකා රාජපක්ෂ ගුරුතුමිය පාසලේ දී සංගීත කටයුතු සඳහා සහාය ලබා දෙන බවත් පාසලෙන් පරිබාහිරව වාද්‍ය නිපුන් නිශාන්ත පෙරේරා ගුරුතුමා සහ වාද්‍ය විශාරද දසුන් සමරසේකර ගුරුතුමා ද මාතර සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී රත්න කුමාර මහතා ද සංගීත කටයුතු සඳහා සහාය ලබා දෙන බව සනිරු දුල්නෙත් පෙරේරා සිසුවා පැවසී ය.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...