ශ්‍රී ලංකාවාසී හා
ලෝකවාසී ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දීපව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් සිදු කරනු ලබන ආශිර්වාදාත්මක සර්ව රාත්‍රික පරිත්‍රාණ
ධර්ම දේශනා මාලාවේ මාතර දිස්ත්‍රික් පිරිත් පිංකම මාර්තු 07 වනදා සවස මාතර හිත්තැටිය රාජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.
සවස 7.00ට මල් පහන් ගිලන්පස සහිත බෝධි පූජාවක් පැවැත්වේ. රාත්‍රී 8.30 ට දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නයේ වැඩමවීමේන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වා පසු දින (08) උදේ සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමෙන් අනතුරුව පිංකම අවසන්වේ. දැනට ලෝකයේ ව්‍යාප්ත වෙමින් යන කොරෝනා වසංගත තත්ත්වයෙන් මියගිය ජනතාවට පිංපැමිණ වීම හා දැනට රෝගීව පසුවන ශ්‍රී ලංකාවාසී හා ලෝකවාසී ජනතාවට ආශීර්වාද පැතීමත් මෙම පිංකමේ අරමුණවේ.
මෙම පුණ්‍ය කටයුතු මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සිදු කෙරේ. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හිත්තැටිය රාජමහා විහාරස්ථ දායක සභාව හා රාජ්‍ය ආයතන එක්ව පිංකම සංවිධානය කෙරේ.
No comments:
Post a Comment