රටම දැඩි ව්‍යවසනයකට පත් කරමින් කොවිඩ් - 19
හෙවත් කොරෝනා වසංගතය දිනෙන් දිනම ශ්‍රී ලාංකේය ජන ජීවිතයට දැඩි බලපෑම්
එල්ල කරමින් පවතියි. අද (26) උදෑසන 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මාතර
දිස්ත්‍රික්කයේ ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා යුහුසුළු විය.
සතොස ආයතන, සුපිරි වෙළඳසැල්, ෆාමසි, එළවලු වෙළඳසැල් ආදී ස්ථානවල
ජනතාව භාණ්ඩ මිල දී ගැනීම සඳහා එක් රැස් වී සිටියහ. එසේ ම තමන්ට අවශ්‍ය මුදල් ලබා ගැනීම
සඳහා බැංකු ආශ්‍රිතව ද ජනතාව පෙළ ගැසී සිටියහ.
ඒ අතර සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙන්ම එසේ නොකරමින්
ද ජනතාව තම අවශ්‍යතා ඉටුකර ගැනීමට පෙළඹී ඇති බව දක්නට ලැබුණි.
No comments:
Post a Comment