කෝවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය මැඩලීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ
ක්‍රියාත්මක වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ පෞද්ගලික ඖෂධ වෙළඳසැල් හිමිකරුවන්ට තිබෙන
ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමේ වැඩසටහනක් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය ඩලස්
අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය
ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
අන්තර්ජාලය භාවිතා
කරමින් වයිබර්, වට්ස්ඇප් හෝ ඉමෝ මගින් පෞද්ගලික ඖෂධ වෙළඳසැල් වෙත යොමු වන ඖෂධ වට්ටෝරු
සඳහා ඖෂධ නිකුත් කිරීමේ දී ඇතිවන ගැටළු, ඖෂධ ප්‍රවාහනයේ දී මුහුණ දීමට සිදුවන ගැටළු,
අදාළ ඖෂධ සඳහා ගාස්තු අය කර ගැනීමේ දී ඇතිවන ගැටළු හා පෞද්ගලික ඖෂධ වෙළඳසැල්වල සේවකයින්
කැඳවා ගැනීමේ දී ඇතිවන ගැටළු ආදී ප්‍රධාන ගැටළු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින්
මෙම සාකච්ඡාව සිදු වූ අතර අදාළ අංශ සමඟ සම්බන්ධීකරණයෙන් එම අවස්ථාවේදී ම ගැටළු වලට
විසඳුම් ලබා දීමට ඇමතිවරයා කටයුතු කරන ලදි.
මාතර දිස්ත්‍රික්කයේ
පෞද්ගලික ඖෂධ වෙළඳසැල් හෙවත් ෆාමසි 126 ක් පවතින අතර ඒ අතරින් ඖෂධ තොග සැපයුම් කරුවන්
සිටිනේ 16 දෙනෙක් පමණි.
මේ අවස්ථාවට මාතර
දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය
සේවා අධ්යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරී අනිල් ප්‍රියන්ත මහතා හා මාතර දිස්ත්‍රික්කයේ පෞද්ගලික ඖෂධ වෙළඳසැල් හිමිකරුවන්
ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්‍රික්
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය රැස්වීම සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment