ගෝලීය වසංගයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ලෝකවාසී
ජනතාවට මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවට ද එම උවදුරෙන් මිදෙනු පිණිස මහානුභාව සම්පන්න උත්තම
රතන සූත්‍ර පිරිත් සජ්ඣායනාව තෙදිනක් පුරා නොකඩවා දහස් වරක් දේශනා කිරීමේ ආශිර්වාදාත්මක
සත්‍යක්‍රියාව මාර්තු 15 රාත්‍රී 7.00 සිට මාර්තු 17 රාත්‍රී 7.00 දක්වා මාතර කොටු
පවුර අභියස ඉදිකරන ලදි විශේෂ මණ්ඩපයක දී පැවැත් වේ.
මහානුභාව සම්පන්න
උත්තම රතන සූත්‍රය දහස් වරක් සජ්ඣායනා කර පිරිත් කරන ලද පිරිත් පැන් හා පිරිත් නූල්
මහජනතාව වෙත ලබාදීම මාර්තු 17 දින රාත්‍රී 7.00 ට සිදු කෙරේ.
මාතර - කොටුව මිගදාය
සිරි රතනපාල මහා පිරිවෙන හා මහා මන්තීන්ද විහාරාධිපති පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද තිස්සමහාරාමයේ ඉන්ද්‍රානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ
සහ මාතර - කොටුව මිගදාය සිරි රතනපාල මහා පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍යපාද අධ්‍යාපනවේදී
අත්තුඩාවේ හේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මාතර - කොටුව මිගදාය සිරි
රතනපාල මහා පිරිවෙන මගින් මෙම සත්‍ය ක්‍රියා සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment