Wednesday, March 18, 2020

පක්ෂ 04 කින් හා ස්වාධීන කණ්ඩායම් 04 කින් අද (18) මාතරට නාමයෝජනා


2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මාතර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රී ආසන 07 ක් වෙනුවෙන් දස දෙනෙකුගෙන් යුත් නාම යෝජනා පත්‍ර 08 ක් අද (18) දිනය අවසන් වන විට ලැබී ඇති බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නාලධාරී / මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා සඳහන් කරයි.

ඒ අතර ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ජාතික ජන බලවේගය හා ජනසෙත පෙරමුණ වශයෙන් පක්ෂ 04 ක් සහ ස්වාධීන කණ්ඩායම් 04 ක් පවතී.

අද (18) දිනය අවසන් වන විට ස්වාධීන කණ්ඩායම් 07 ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

නාමයෝජනා බාරදීම හෙට (19) මධ්‍යාහ්න 12 න් අවසන් වීමට නියමිත ය.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...