Friday, March 13, 2020

මාතරට පළමු නාමයෝජනාව ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන්


2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මාතර දිස්ත්‍රික්කය සඳහා වූ පළමු නාමයෝජනා පත්‍රය අද (13) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය මඟින් මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා වෙත භාරදෙන ලදි.

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ලේකම් මහින්ද දේවගේ මහතා විසින් අපේක්ෂකයන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂකයන් වශයෙන් මෙසේ නාම යෝජනා භාර දීම සිදු කෙරිණි.

නාමයෝජනා භාරදීමේ කටයුතු මාර්තු 19 දහවල් 12.00 න් අවසන් වීමට නියමිත ය. විරෝධතා ඉදිරිපත් කිරීම සදහා එදින (19) දහවල් 12.00 සිට 1.00 දක්වා කාල සීමාව ලබා දී තිබේ.

මේ වන විට මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් එක් ස්වධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...