කෝවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය මැඩලීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ
ක්‍රියාත්මක වැඩසටහනට අදාළව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් උදෙසා
වූ ප්‍රගති සමාලෝචන රැස්වීමක් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මාතර දිස්ත්‍රික්
ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) දින මාතර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීණි.
එහි දී මාතර දිස්ත්‍රික්කයේ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයෙහි (16) ජනජීවිතය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සමෘද්ධි
වැඩසටහන, වැඩිහිටි දීමනාව, ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, මූලික යටිතල පහසුකම්
ආදී අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදි. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සම්බන්ධීකරණය
කර අදාළ ප්‍රාදේශිය ලේකම් වරුන්ට සහාය වීම සඳහා නිලධාරීන් යොමු කිරීම ද මෙහි දී තවදුරටත්
සිදු කෙරිණි.
මේ අවස්ථාවට මාතර
අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික්
ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment