Wednesday, March 25, 2020

ලක්ෂ 18 ක් වූ සමෘද්ධිලාභීන්ට සලසන සහන පිළිබඳව සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ සභාපති මෙසේ කියයි


"කොරෝනා වසංගතය  හමුවේ  ලක්ෂ දහ අටක ජනතාව  සුරකිමු!"

රටම දැඩි ව්‍යවසනයකට පත් කරමින්  කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය දිනෙන් දිනම  ලාංකීය  ජන ජීවිතයට දැඩි පීඩනයක් එල්ල  කරමින් පවතියි.

මේ මොහොතේ සමෘද්ධි ලාභී දහ අට  ලක්ෂයකට ආසන්න පිරිසක් රැක බලා ගැනීමේ සමාජමය වගකීම  නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනුම  ලැබූ උපාධිධාරී සමෘද්ධි  කළමණාකරුවන් වන අප සැමගේ  වගකීමක් වේ.
විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය, වෛද්‍යවරුන් ඇතුළු  රෝහල් කාර්ය  මණ්ඩල, මහජන  සෞඛ්‍ය  පරීක්ෂකවරුන් තම  ජීවිත පරදුවට තබා  රට වෙනුවෙන් කැපවන මොහොතක සමෘද්ධි  කළමණාකරුවන් වන අප ද අපගේ වගකීම  සමාජයේ  අවාසි සහගත  ජන කොට්ඨාසය වෙනුවෙන්  ඉටු කිරීමට කැපවන්නෙමු.

ඒ අනුව සමෘද්ධිලාභී දුප්පත්  පවුල්  ලක්ෂ  දහ අටක් වෙනුවෙන් අප කළමණාකරුවන් නොබියව පෙනී සිටින්නෙමු. ඔබ සමෘද්ධිලාභියෙකු නම්  ඔබට අවශ්‍ය මූල්‍යමය  සහාය ලබා දෙමින්  දෛනික  කටයුතු  වෙනුවෙන්  අප  කළමණාකරුවන් ඇඳිරි නීතිය  පනවා  ඇති තත්ත්වයක් තුළ  වුව ද රාජකාරීන් සදහා  වාර්තා  කරන්නෙමු. සමෘද්ධි සහනාධාර හෝ තැම්පත් මුදල් කිසිදු ගැටලුවකින්  තොරව සමෘද්ධිලාභීන් වෙත මුදා හැරීමට සියලු  කළමණාකරුවන් මේ මොහොතේ කටයුතු  කරන්නෙමු. ණය සුරැකුම්, ඇප කොන්දේසි සියල්ල පසෙක තබා මේ මොහොතේ දුප්පත් ඔබ සුරැකීම සඳහා අප කැපවන්නෙමු. ඔබ ඔබගේ  අවශ්‍යතාවය අදාළ  බැංකු  කළමණාකරුට කතා කර සලසා  ගන්නා  ලෙස ඉල්ලමු. රජයේ ප්‍රතිපත්තීන් තුළ අදාළ ප්‍රතිලාභ මේ මොහොතේ කිසිදු කල් පමාවකින් තොරව ඔබගේ නිවසටම ලගා කර දීමට උපරිමයෙන් උත්සාහ ගන්නෙමු. ආදරණීය අපේ  ජනතාවට දිරිමත්ව නැගී සිටීමට අවශ්‍ය  ශක්තිය අප සෑම  මොහොතකම  ලබාදෙන බැවින් ඔබ කිසිදු  කනස්සල්ලකට පත් වීමේ අවශ්‍යතාවයක් නොමැති බැව් අවධාරණය කර සිටිමු.

ඔබට සමෘද්ධි බැංකුවේ  සේවාවන් පිළිබඳ තෘප්තිමත් බවක් නොවූූයේ නම් ඒ පිළිබඳව 0718149749, 0718036043, 0718178902, 0718146470, 0719648977 යන දුරකථන අංක වලට  අමතන ලෙස  කාරුණිකව ඉල්ලමු. සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් තරයේ පිළිපදිමින් කොරෝනා වෛරසය පාලනය  සදහා සහාය  වන ලෙස සියලුම ගම් මට්ටමේ සමෘද්ධි සමිති නිලධාරීන්, කණ්ඩායම්  නායකයින් ප්‍රධාන සමෘද්ධිලාභී  ඔබ සැමගෙන් ඉතාමත්  කාරුණිකව ඉල්ලා  සිටිමු. 

ඔබට සැකෙන්  බියෙන් තොර නිරෝගිමත් හෙට  දිනයක් උදා වේවා'යි පතමු!

පී.කේ.රනුග්ගේ
සභාපති
සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමය
2020.03.25

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...