Thursday, March 26, 2020

කුඩා තේවතු සංවර්ධන අධිකාරියෙන් මාතර දිස්ත්‍රික්කයට බිෂබීජ නාශක ඉසින යන්ත්‍ර


කෝවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය මැඩලීම සඳහා පත් කළ කමිටුවේ තීරණයක් අනුව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන මත මාතර දිස්ත්‍රික්කයට විෂබීජ නාශක ඉසින යන්ත්‍ර 183 ක් ලබා දෙන ලදි.

ඒ අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මාතර දිස්ත්‍රික්කයේ මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශිය සභා, ප්‍රාදේශිය ලේකම් කාර්යාල, පොලිසි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, සමුපකාර, යුද හමුදා කඳවුර, බන්ධනාගාරය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ධීවර වරායන් ආදී ආයතන සඳහා මෙම විෂබීජ නාශක ඉසින යන්ත්‍ර බෙදා හැරීම සිදු කෙරිණි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...