Wednesday, March 18, 2020

මාතර ප්‍රධාන බස් නැවතුම්පොල හා බස් රථ විෂබීජ හරණය කෙරේ


කොරෝනා වෛරසය මාතර දිස්ත්‍රික්කයට පැමිණීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව අද (18) දින මාතර ප්‍රධාන බස් නැවතුම්පොල සහ බස් රථ විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. 

මාතර දිස්ත්‍රික්කයේ පමණක් නොව දකුණු පළාතේ සියලුම බස් නැවතුම්පොල හා සියලුම බස් රථ මේ යටතේ විෂබීජ හරණය කිරීම සිදු කෙරේ.

දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ එක්ව මාතර මහා නගර සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය ද මේ සඳහා සහයෝගය ලබා දෙන ලදි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...