Thursday, March 26, 2020

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන්ගෙන් අත්‍යවශ්‍ය රාජකාරි කරන නිලධාරීන්ට මුඛ ආවරණ


කෝවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය මාතර දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීම සඳහා දිවා රෑ නොබලා අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු ඉටු කරන නිලධාරීන්ට බෙදා දීම සහා මු ආවරණ 650 ක් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී අකුරැස්ස - කහවිල්ගොඩ පුරාණ විහාරාධිපති පරදුව ජිනරතන නාහිමියන් විසින් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා වෙත භාරදීම අද (26) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදි.

ඒ කොරෝනා වෛරසය මාතර දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීම සඳහා පත් කළ කමිටුව රැස් වූ අවස්ථාවේ දී ය.

මේ අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...