Tuesday, March 3, 2020

නිල්වලා සුභාවිත ගී දැහැන මාතර රුහුණ විශ්ව විද්‍යාලීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි


මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුබසාධක සංගමයට අධාර පිණිස සංවිධානය කරන ලද නිල්වලා සුභාවිත ගී දැහැන දෙවන ප්‍රසංගය පසුගිය දා මාතර රුහුණ විශ්ව විද්‍යාලීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම ගී දැහැන සඳහා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතා, ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ මහතා සහ ප්‍රවීණ ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා මහත්මිය ගායනයෙන් දායක වූ අතර සංගීතය සැපයීම සංගීත විශාරද මනෝජ් පීරිස් මහතා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය මගින් සිදු කරන ලදි. ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ මහතා නිවේදන කටයුතු වලින් දායක විය.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුබසාධක සංගමය මගින් නිල්වලා සුභාවිත ගී දැහැන දෙවන සංගීත ප්‍රසංගය සංවිධානය කරන ලදි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...