ශ්‍රී ලංකාවාසී හා
ලෝකවාසී ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් මල් පහන් ගිලන්පස සහිත බෝධී පූජා පිංකමක් පසුගියදා මාතර හිත්තැටිය රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
ලෝකයේ ව්‍යාප්ත වෙමින් යන කොරෝනා වසංගත තත්ත්වයෙන් මියගිය ජනතාවට පිංපැමිණ වීම හා දැනට රෝගීව පසුවන ශ්‍රී ලංකාවාසී හා ලෝකවාසී ජනතාවට ආශීර්වාද පැතීමත් මෙම පිංකමේ අරමුණ වේ.
මෙම පුණ්‍ය කටයුතු මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හිත්තැටිය රාජමහා විහාරස්ථානය එක්ව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශයේ මැදිහත්වීමෙන් සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment