2020 අප්‍රේල් 25 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මාතර දිස්ත්‍රික්කය සඳහා අද (12) වන විට එක් ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මාතර සහකාර
තේරීම්භාර නිලධාරී / සහකාර මැතිවරණ කොමසාරිස් ටී.ඩබ්. පෝෂිතා කෞමදී මෙනෙවිය සඳහන් කළා
ය.
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති හා මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු පනත ප්‍රකාරව ඇප තැන්පතු භාරගැනීමේ කටයුතු සිදු කෙරේ.
2020 මාර්තු මස 19 දින දහවල් 12.00 ට ඇප මුදල් තැන්පත් කිරීමේ කාලසීමාව අවසන් වේ.
නාමයෝජනා භාරදීමේ කටයුතු ද අද (12) දින ආරම්භ වූ අතර මාර්තු 19 දහවල් 12.00 න් අවසන් වීමට නියමිත ය. විරෝධතා ඉදිරිපත් කිරීම සදහා එදින (19) දහවල් 12.00 සිට 1.00 දක්වා කාල සීමාව ලබා දී තිබේ.
.
No comments:
Post a Comment