කෝවිඩ් - 19 වෛරසය මාතර දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීම සඳහා
ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහ එහි ප්‍රගතිය පිළිබඳව සොයා
බැලීම සඳහා රැස්වන සම්බන්ධීකරණ කමිටුව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් රත්නායක
මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර
ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
කෝවිඩ් - 19 වෛරසය මැඩපැවැත්වීම සඳහා සහ ශ්‍රී ලංකා භූමියෙන්
තුරන් කිරීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයට
අදාළව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.
මාතර දිස්ත්‍රික්කයේ
ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ දී ඇතිවන ගැටළු හා එම ගැටළු නිරාකරණය කරගන්නා ආකාරය පිළිබඳව
අවධානය යොමු කරන ලදි. ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇතිවන ගැටළු වල දී අදාළ
චක්‍රලේඛ ප්‍රකාරවම කටයුතු කිරීමට තීන්දු කෙරිණි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පරදුව ජිනරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා සභාපතිවරු, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න මහතා ඇතුළු සෞඛ්‍ය අංශ, හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ, ලංකා සතොස නියෝජිතයින්, මාතර දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති සභාපතිවරු ඇතුළු විවිධ අංශවල ප්‍රධානීන් රැසක් සහභාගි වී සිටියහ.