නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සක්‍රීය වීමත් සමඟ මේ දිනවල මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් නිල්වලා ගඟ පිටාර ගැලීමේ අවදානමක් මතුව තිබේ. එම නිසා නිල්වලා ගඟ දෙපස සහ පහත් බිම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
මැයි 31 ප.ව. 6.00 වන විට නිල්වලා ගඟේ පානදුගම ජල මාපකයේ අගය 6.87 කි. තල්ගහගොඩ ජල මාපකයේ අගය 1.74 කි. පිටබැද්දර ජල මාපකයේ අගය 4.42 කි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගඟ හා නිල්වලා ගඟේ අතු ගංඟාවක් වන කිරම ආර ඔය පිටාර ගැලිමෙන් මාර්ග කිහිපයක් හා පහත් බිම් රැසක් ජලයෙන් යට වූ බව මාතර දිස්ත්‍රික් අපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය සඳහන් කරන ලදි.
නිල්වලා ගඟ පිටාර ගැලිමෙන් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය පානදුගම ප්‍රදේශයෙන් ද, නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආර ඔය පිටාර ගැලීමෙන් මුලටියන කඹුරුපිටිය මාර්ගය මාකඳුර ප්‍රදේශයෙන් ද ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගවල බස් රථ ධාවනයට බාධා පැමිණි බව දකුණු පළාත් මාර්ගස් මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන ලදි.
නිල්වලා ගඟ සහ කිරම ආර ඔය පිටාර ගැලීමෙන් රංසෑගොඩ, කඹුරුපිටිය, මාපලාන, කද්දුව, මාලිම්බඩ යන ප්‍රදේශ වල පහත් බිම් රාශියක් ජලයෙන් යටවුණි.
මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, පිටබැද්දර, කොටපොල හා අතුරලිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලට නාය යෑම් අනතුරු නිවේදනයන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති අතර එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිටින ජනතාව තම නිවෙස් ආශ්‍රිතව පිහිටි භුමියේ බෑවුම් කඩා වැටිම්, ගල් පෙරලිම් හා පොළොව ගිලා බැසීම් දක්නට ලැබේ නම් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටී.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment