Monday, May 23, 2022

කිරින්ද - පුහුල්වැල්ල, වවුලන්බොක්ක සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයේ මැටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා නව තාක්ෂණය හඳුන්වා දෙයි


මාතර දිස්ත්රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වවුලන්බොක්ක ග්‍රාම නිලධාරී වසමේ ළිඳගාව වත්ත මැටි ආශ්‍රිත සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයේ ව්යවසායකයින් වෙනුවෙන් නව නිෂ්පාදන තාක්ෂණය හඳුන්වාදීමේ වැඩසටහනක් කිරින්ද - පුහුල්වැල්ල ප්රදේශිය ලේකම් ඒ.ජී.ඩබ්.ටී.රාජපක්ෂ මහත්මියගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

මෙහි දී ව්‍යවසායකයින් සඳහා නව තාක්ෂණික පුහුණුව ලබාදීම පුහුණු නිලධාරිනී ශාලිකා මහත්මිය විසින් සිදු කරන ලදි.

ගෘහ ආර්ථිකය නගා සිටුවා එය ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ ක්රියාවලියේ පළමු පියවර වශයෙන් දේශීය කර්මාන්ත කරුවන් සවිබල ගැන්වීමේ “සෞභාග්යා නිෂ්පාදන ගම්මාන” වැඩසටහන යටතේ දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500 ක් ආරම්භ කිරීමේ වැඩසටහනට සමගාමීව කිරින්ද - පුහුල්වැල්ල, වවුලන්බොක්ක මැටි ආශ්‍රිත සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානය ආරම්භ කිරීම සිදු විය.

මේ අවස්ථාවට ප්‍රදේශයේ ව්‍යවසායකයින් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...