Monday, May 30, 2022

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ භෝග වගා කටයුතු ඇරඹේ

 


ඉදිරියේ දී රට තුළ ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසඳුමක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සෑම බිම් අඟලක් තුළ ම කුමන හෝ භෝග වර්ගයක් වගා කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ මැදිහත්වීමෙන් මේ වන විට වැඩපිළිවෙලක් සකස්කර තිබේ. 

ඊට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ භෝග වගා කිරීමේ කටයුතු අද (30) දින ආරම්භ කෙරිණි.

මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන පරිශ්‍රවල ද ‌ඒ ඒ ආයතන ප්‍රධානීන්ගේ මැදිහත්වීමෙන් කාර්ය මණ්ඩල විසින් භෝග වගා කටයුතු සිදු කෙරේ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 600 කට ආසන්න රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් සිටින අතර මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල දහසය තුළ 6000 කට ආසන්න රාජ්‍ය නිලධාරීන් පිරිසක් සිටී. ඔවුන්ට මාතර දිස්ත්‍රික් ලේකම් තුමා උපදෙස් ලබා දුන්නේ තම නිවෙස්වල ඉඩකඩ තියන ආකාරයට, ඉඩකඩ නැත්නම් අඩුගානෙ මල් පෝච්චියකවත් වෙනදා වැවූ මල් වෙනුවට දැන් එළවලු පැළයක්, මිරිස් පැළයක්, බණ්ඩක්ක ගහක්, වම්බටු ගහක්, ඉඩ තිනයවනම් මඤ්ඤොක්කා ටිකක්, අල බතල ටිකක් වගා කරන ලෙසයි.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...