Tuesday, May 31, 2022

නිල්වලා ගඟේ මෝය කට පුළුල් කෙරේ

 

නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සක්‍රීය වීමත් සමඟ මේ දිනවල මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් නිල්වලා ගඟ පිටාර ගැලීමේ අවදානමක් මතුව ඇති අතර සිදුවිය හැකි ආපදා ත්ත්වයන් අවම කර ගැනීම සඳහා මාතර - තොටමුණ ප්රදේශයේ පිහිටි නිල්වලා ග‍‍ඟෙහි මෝයකට පුළුල් කිරිම සිදු කෙරිණි

මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ මැදිහත්වීමෙන් මාතර දිස්ත්රික් වාරිමාර්ග කාර්යාලය විසින් මෝයකට පුළුල් කිරීමේ කටයුතු සිදු කරන ලදි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් ඒ.බී.ජී.ආර්.මෙන්ඩිස් මහතා ද සහභාගි විය.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...