සක්‍රීය වෙමින් පවතින නිරිතදිග මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට බලපාන ආපදා වලට සක්‍රීයව ප්‍රතිචාර දක්වමින් ප්‍රජාව ඉන් මුදවා ගැනීමටත්, ඔවුන්ගේ ජීවිත වලට හා දේපළ වලට සිදුවන හානි වළක්වා ගැනීමටත්, පාරිසරික සුරක්ෂිතතාව තහවුරුකර ගැනීමටත් කටයුතු කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් නීතිඥ වයි.වික්‍රමසිරි මහතා පැවසී ය.
මාතර දිස්ත්‍රික් ලේකම්වරයා මේ අදහස් පැවසුවේ නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සක්‍රීය වීමට ප්‍රථම ඒ පිළිබඳව අදාළ ආයතන දැනුවත් කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවති මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමේ දී ය.
මාතර දිස්ත්‍රික්කයේ ආපදා පැතිකඩ සහ නිරිත දිග මෝසම් වැසි තත්ත්වය හමුවේ ප්‍රතිචාර දැක්වීමේ පෙර සුදානම් සැලැස්ම පිළිබඳව සහ මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මගින් ඉටුකරන ලද ක්‍රියාකාරකම් හා ඉදිරියේ දී ඉටුකිරීමට අපේක්ෂිත ක්‍රියාකාරකම් පිළිබඳව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ, ලුතිතන් කර්නල් ඒ.බී.ජී.ආර්.මෙන්ඩිස් මහතා විසින් දැනුවත් කිරීම සිදු ලදි.
මෙවර නිරිත දිග මෝසම් වැසි තත්ත්වය මැයි මස තුන්වන සතිය වන විට සක්‍රීය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අවස්ථාවට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය‚වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ආපදා සහන සේවා අංශය, රාජ්‍යය නොවන සංවිධාන ඇතුළු අංශ රැසක් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ මැදිහත්වීමෙන් රැස්වීම සංවිධානය කරන ලදි.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment