2022 වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිරකරුවන් 244 දෙනෙකු සඳහා විශේෂ ජනාධිපති සමාව හිමි වූ අතර ඒ අනුව මාතර බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටි සිරකරුවන් දස (10) දෙනෙක් සඳහා අද (15) පෙරවරුවේ නිදහස හිමි වූහ.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි.
මේ යටතේ බන්ධනාගාර ගතව 2022.05.15 දිනට සිර දඩුවම් විඳින සිරකරුවන් හට බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට දින 14 බැගින් පොදු සමාව ලබා දීම, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව 2022.05.15 වන දිනට සිරදඩුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි විම, 2022.05.15 වන දින වන විට බන්ධනාගාර ගතව සිරදඩුම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්ම වු සිරකරුවන්ගේ දඩුවමින් හරි අඩක් අඩු කිරීම හා අඩකට වඩා වැඩි කාලයක් දඩුවම් විදින ලද සිරකරුවන්ගේ දඩුවමේ ඉතිරි ශේෂය අහෝසි කිරීම, වසර 40 කට හෝ ඊට වැඩි සිර දඩුවම් නියම කර ඇති 2022.05.15 වන දින වන විට මහාධිකරණයෙන් දඩුවම් නියම කළ දින සිට වසර 20 කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම යන කරුණු මත මෙම පොදු සමාව හිමි විය.
මාතර බන්ධනාගාැයේ සිරකරුවන් නිදහස් කිරිම මාතර බන්ධනාගාරයේ සහාකාර බන්ධනාගාර අධිකාරි සමන් ප්‍රියදර්ශන මහතාගේ සහ මාතර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් සනත් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment