අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල දූ දරුවන් උදෙසා, ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගැනීමේ අරමුණින් ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ සංකල්පයක් මත, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති නීතීඥ මහේෂ් කටුලන්ද මහතාගේ මැදිහත්වීමෙන්, මාතර දිස්ත්‍රික්කයේ අතුරුදන් වූ තැනැත්තන්ගේ දූ දරුවන් වෙනුවෙන් වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා වූ වැඩසටහනක් මාතර - අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහි සම්පත් දායකයින් වශයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ මාතර ප්‍රාදේශීය කාර්යාලය නියෝජනය කරමින් ප්‍රාදේශීය සම්බන්ධීකාරක නීතීඥ ජී.ඩී.ප්‍රශාන් මහතා, මාතර කාර්මික විද්‍යාලයේ පුහුණු කිරීමේ නිලධාරී කේ. චම්පා සුභාෂිණී මහත්මිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු කිරීමේ නිලධාරී සුගත් ලියනපතිරණ මහතා, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පුහුණු කිරීමේ නිලධාරී එච්.ඒ.රවීන්ද්‍ර මහතා සහභාගි වූ අතර එහි දී ඔවුන්ගේ ආයතනයන් පිළිබඳව සහ අදාළ ආයතන මගින් පවත්වන්නා වූ පාඨමාලා සම්බන්ධයෙන් දැනුවත් කෙරිණි. මේ සඳහා සහභාගි වූ දූ දරුවන්ගේ අභිමතය පරිදි ඉදිරියේ දී අදාළ පාඨමාලා සඳහා ඔවුන් යොමු කිරීමට නියමිත ය.
මෙම වැඩසටහනට සහභාගි වීමට නොහැකි වූ නමුත් මේ සඳහා කැමැත්තක් දක්වන අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල දූ දරුවන් පිරිසක් Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති නීතීඥ මහේෂ් කටුලන්ද මහතා ද Zoom තාක්ෂණය ඔස්සේ මේ සඳහා සම්බන්ධ විය.
දශක ගණනාවක් තිස්සේ තම ඥාතීන් පිළිබඳව තොරතුරක් නොලැබ සිටි දෙමාපියන් හා දූ දරුවන් මෙම වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුව, ඔවුන් තුළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති වූ බවට පෙන්වාදෙන ලදි.
එමෙන් ම ඔවුන් විසින් මෙම වැඩසටහන පිළිබඳව හා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මගින් අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින් උදෙසා සිදු කරන සේවාව අගය කළ අතර තවත් මෙවැනි වැඩසටහන් පැවැත්වීම මගින් වින්දිතයින්ගේ සමාජ සංවර්ධනය උදෙසා මහත් දායකත්වයක් ලැබෙන බව ද සඳහන් කෙරිණි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින් හා දූ දරුවන් පිරිසක් සහභාගි වී සිටියහ.
මාතර සහන සමාජ සංවර්ධන එකමුතුවේ නිලධාරීන්ගේ ද දායකත්වයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ මාතර ප්‍රාදේශීය කාර්යාලය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment