මාතර දිස්ත්රික්කය සඳහා ලැබීමට නියමිත ලිට්රෝ ගෑස් තොග හෙට (ජුනි 01) දින ලැබුනහොත් අංක 01 සිට 896 දක්වා අංක ලබා ගෙන ඇති අයට එම ගෑස් සිලින්ඩර් උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා මාතර පිනිදිය ගෑස් නියෝජිත ආයතනය මගින් ලබා දීමට සැලසුම් කර තිබෙන බව මාතර කඩවත් සතර ප්රාදේශීය ලේකම් කෞෂල්යා කුමාරි මහත්මිය පැවසුවාය.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගෑස් තොග මාතරට ලැබීමේ ප්රමාදයක් සිදුවේදැයි තමාට නිශ්චිතව කිව නොහැකි බවත් හෙට (01) උදෑසන 7.00 වන විට ඒ බව තහවුරු කිරීමට හැකියාව ඇති බව ද ඇය සඳහන් කළා ය.
එක් ගෘහයක් සඳහා ගෑස් සිලින්ඩර 01 ක් ද, හෝටල්, කෑම කඩ ආදී වෙළඳ ව්යාපාරවල ස්වභාවය අනුව ගෑස් සිලින්ඩර් 02 හෝ 03 හෝ 05 ආදී ලෙස ද බහු දින යාත්රාවක් සඳහා ගෑස් සිලින්ඩර් 08 ක් ආදී ලෙස ද ටෝගන් ක්රමය යටතේ ගෑස් බෙදා දීමට නියමිතව ඇත.
ඊට අමතරව ගෙන්වනු ලබන ඉතිරි ගෑස් සිලින්ඩර් ප්රමාණය රෝහල්, පන්සල්, වැඩිහිටි නිවාස, මල ගෙවල්, මගුල් ගෙවල්, දානේ ගෙවල් ආදී විශේෂ හේතූන් මත නිකුත් කරන බව ද ප්රාදේශීය ලේකම්වරිය කීවාය.
මෙම නව වැඩසටහනෙහි විනිවිද භාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගෑස් සිලින්ඩර් බෙදා දීමෙන් පසු එම ලේඛනය පරීක්ෂා කිරීමට යම් අයෙකුට අවශ්ය නම් ඒ සඳහා ද අවස්ථාව ලබා දෙන බව කෞෂල්යා කුමාරි මහත්මිය වැඩි දුරටත් පැවසුවා ය.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment