Tuesday, May 17, 2022

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 33 ක පුද්ගලයින් 125 ක් පීඩාවට

 

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනය හා තද සුළං තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 07 ක පවුල් 33 ක පුද්ගලයින් 125 දෙනෙකු පීඩාවට පත්වී නිවාස අර්ධ හා පාර්ශ්වීය හානි 33 ක් වාර්තා වන බව මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතා පවසයි.

තද වැසි සමඟ ඇති වූ අධික සුළං තත්ත්වය හේතුවෙන් තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 08 ක පුද්ගලයින් 39 දෙනෙක් පීඩාවට පත්ව අතර නිවාස අර්ධ හා පාර්ශ්වීය හානි 08 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ අධික සුළං තත්ත්වය හේතුවෙන් මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 02 ක පුද්ගලයින් 09 දෙනෙක් පීඩාවට පත්ව අතර නිවාස අර්ධ හා පාර්ශෟවීය හානි 02 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 03 ක පුද්ගලයින් 08 දෙනෙක් පීඩාවට පත්ව අතර නිවාස අර්ධ හා පාර්ශ්වීය හානි 03 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 04 ක පුද්ගලයින් 13 දෙනෙක් පීඩාවට පත්ව අතර නිවාස අර්ධ හා පාර්ශ්වීය හානි 04 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ අධික සුළං තත්ත්වය හේතුවෙන් හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 07 ක පුද්ගලයින් 22 දෙනෙක් පීඩාවට පත්ව අතර නිවාස අර්ධ හා පාර්ශ්වීය හානි 07 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ අධික සුළං තත්ත්වය හේතුවෙන් පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 03 ක පුද්ගලයින් 11 දෙනෙක් පීඩාවට පත්ව අතර නිවාස අර්ධ හා පාර්ශ්වීය හානි 03 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ අධික සුළං තත්ත්වය හේතුවෙන් කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 06 ක පුද්ගලයින් 23 දෙනෙක් පීඩාවට පත්ව අතර නිවාස අර්ධ හා පාර්ශ්වීය හානි 06 ක් වාර්තා වේ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...