මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 100 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මසකට රුපියල් 5000 බැගින් එක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු සඳහා වසරකට රුපියල් 60,000 ක දීමනාවක් රජයේ සහනාධාර වශයෙන් ප්‍රදානය කෙරේ.
ඒ අනුව පසුගිය මාස හතර සඳහා පමණක් මාතර දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 100 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 960,000 ක මුදලක් ලබා දී ඇති බව මාතර දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන සහකාර චමිලා සමරසිංහ මහත්මිය සඳහන් කරයි.
ඇය තවදුරටත් පැවසුවේ එම මාස හතර සඳහා අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 40,000 ක මුදලක් ද, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 40,000 ක මුදලක් ද, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 60,000 ක මුදලක් ද, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 60,000 ක මුදලක් ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 40,000 ක මුදලක් ද, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 40,000 ක මුදලක් ද, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 100,000 ක මුදලක් ද, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 115,000 ක මුදලක් ද, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 60,000 ක මුදලක් ද, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 55,000 ක මුදලක් ද, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 140,000 ක මුදලක් ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 80,000 ක මුදලක් ද, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 75,000 ක මුදලක් ද, අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 20,000 ක මුදලක් සහ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රුපියල් 960,000 ක මුදලක් ප්‍රදානය කර ඇති බවයි.
වයස අවුරුදු 100 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ලබා දීමේ දී කිසිඳු ආදායම් සීමාවක් නොසලකා සියලු දෙනාට මෙම දීමනාව ගෙවන බව ද මෙහි දී අනාවරණය කෙරිණි.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment