Tuesday, May 31, 2022

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර අවධානම ඉහළට..... මැයි 31 ප.ව. 6.00 වන විට නිල්වලා ගඟේ පානදුගම ජල මාපකයේ අගය 6.87 කි. තල්ගහගොඩ ජල මාපකයේ අගය 1.74 කි. පිටබැද්දර ජල මාපකයේ අගය 4.42 කි.


නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සක්‍රීය වීමත් සමඟ මේ දිනවල මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් නිල්වලා ගඟ පිටාර ගැලීමේ අවදානමක් මතුව තිබේ. එම නිසා නිල්වලා ගඟ දෙපස සහ පහත් බිම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

මැයි 31 ප.ව. 6.00 වන විට නිල්වලා ගඟේ පානදුගම ජල මාපකයේ අගය 6.87 කි. තල්ගහගොඩ ජල මාපකයේ අගය 1.74 කි. පිටබැද්දර ජල මාපකයේ අගය 4.42 කි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගඟ හා නිල්වලා ගඟේ අතු ගංඟාවක් වන කිරම ආර ඔය පිටාර ගැලිමෙන් මාර්ග කිහිපයක් හා පහත් බිම් රැසක් ජලයෙන් යට වූ බව මාතර දිස්ත්‍රික් අපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය සඳහන් කරන ලදි.

නිල්වලා ගඟ පිටාර ගැලිමෙන් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය පානදුගම ප්රදේශයෙන් ද, නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආර ඔය පිටාර ගැලීමෙන් මුලටියන කඹුරුපිටිය මාර්ගය මාකඳුර ප්රදේශයෙන් ද ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගවල බස් රථ ධාවනයට බාධා පැමිණි බව දකුණු පළාත් මාර්ගස් මගී ප්රවාහන අධිකාරිය සඳහන් කරන ලදි.

නිල්වලා ගඟ සහ කිරම ආර ඔය පිටාර ගැලීමෙන් රංසෑගොඩ, කඹුරුපිටිය, මාපලාන, කද්දුව, මාලිම්බඩ යන ප්රදේශ වල පහත් බිම් රාශියක් ජලයෙන් යටවුණි.

මාතර දිස්ත්රික්කයේ පස්ගොඩ, පිටබැද්දර, කොටපොල හා අතුරලිය යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස වලට නාය යෑම් අනතුරු නිවේදනයන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති අතර එම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සිටින ජනතාව තම නිවෙස් ආශ්රිතව පිහිටි භුමියේ බෑවුම් කඩා වැටිම්, ගල් පෙරලිම් හා පොළොව ගිලා බැසීම් දක්නට ලැබේ නම් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටී.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

හෙට (ජුනි 01) දින මාතරට ගෑස් තොග ලැබුනහොත් අංක 01 සිට 896 දක්වා අංක ලබාගත් අයට බෙදා දීමට සැලසුම්

 


මාතර දිස්ත්රික්කය සඳහා ලැබීමට නියමිත ලිට්රෝ ගෑස් තොග හෙට (ජුනි 01) දින ලැබුනහොත් අංක 01 සිට 896 දක්වා අංක ලබා ගෙන ඇති අයට එම ගෑස් සිලින්ඩර් උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා මාතර පිනිදිය ගෑස් නියෝජිත ආයතනය මගින් ලබා දීමට සැලසුම් කර තිබෙන බව මාතර කඩවත් සතර ප්රාදේශීය ලේකම් කෞෂල්යා කුමාරි මහත්මිය පැවසුවාය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගෑස් තොග මාතරට ලැබීමේ ප්රමාදයක් සිදුවේදැයි තමාට නිශ්චිතව කිව නොහැකි බවත් හෙට (01) උදෑසන 7.00 වන විට ඒ බව තහවුරු කිරීමට හැකියාව ඇති බව ද ඇය සඳහන් කළා ය.

එක් ගෘහයක් සඳහා ගෑස් සිලින්ඩර 01 ක් ද, හෝටල්, කෑම කඩ ආදී වෙළඳ ව්යාපාරවල ස්වභාවය අනුව ගෑස් සිලින්ඩර් 02 හෝ 03 හෝ 05 ආදී ලෙස ද බහු දින යාත්රාවක් සඳහා ගෑස් සිලින්ඩර් 08 ක් ආදී ලෙස ද ටෝගන් ක්රමය යටතේ ගෑස් බෙදා දීමට නියමිතව ඇත.

ඊට අමතරව ගෙන්වනු ලබන ඉතිරි ගෑස් සිලින්ඩර් ප්රමාණය රෝහල්, පන්සල්, වැඩිහිටි නිවාස, මල ගෙවල්, මගුල් ගෙවල්, දානේ ගෙවල් ආදී විශේෂ හේතූන් මත නිකුත් කරන බව ද ප්රාදේශීය ලේකම්වරිය කීවාය. 

මෙම නව වැඩසටහනෙහි විනිවිද භාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගෑස් සිලින්ඩර් බෙදා දීමෙන් පසු එම ලේඛනය පරීක්ෂා කිරීමට යම් අයෙකුට අවශ්ය නම් ඒ සඳහා ද අවස්ථාව ලබා දෙන බව කෞෂල්යා කුමාරි මහත්මිය වැඩි දුරටත් පැවසුවා ය.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...