පුරා දෙදහස් පන්සිය වසක් සුරැකිව, ශ්‍රී ලාංකේය ජන විඥ්ඥානය ගොඩ නැගූ අසම
සම නිර්මල ථේරවාදී බෞද්ධ දර්ශනය ලෝක උරුමයක් කිරීමේ උත්කෘෂ්ඨ කර්තව්‍යට සමගාමීව ප්‍රකාශයට
පත් කළ ශ්‍රී ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන්, ත්‍රිපිටකයෙහි දහම් කරුණු අළලා නීතිඥ
ක්‍රිෂාන්ති දීපශිකා කර්තෘ වරිය විසින් බෞද්ධ
මනෝවිද්‍යාත්මක පදනම විග්‍රහ කෙරෙමින් ‘සම්පාදිත ගර්භණී සමය හා මාතෘත්වය’ -
ශාස්ත්‍රීය ධර්ම පුස්තකය දොරට වැඩීම සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගියදා
මාතර - නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.
වර්තමාන සමාජයේ සිදුවන සමාජ හිතෛෂී නොවූ ගැටළුකාරී ස්වභාවයන් පිළිබඳව මූල
බීජ සපයන මිනිස් චිත්ත සන්තානය තුළ පවතින සිතුවිලි, යහපත් ආකාරයට ක්‍රියා කරන්නේ
නම් පෙළ දහමු අනුව මානව සමාජය යහපත් තැනක් වනු ඇත. ගර්භණී මවගේ ද සිතුවිලි යහපත් ආකාරයට
ක්‍රියාත්මක වේ නම් බිළිඳා මෙලොව
එළිය දැකීමට පෙර සිට ම මව් කුස තුළ දී යහපත් මානසික සංවර්ධනයක් සිදු වේ. ඒ සඳහා
ගර්භණී මව යහපත් චින්තනයෙන් හා යහපත් දිවි පැවැත්මෙන් කටයුතු කඝ යුතු ය. ගර්භණී සමය
හා මාතෘත්වය කෘතිය තුළ දරුවාගේ පෞරුෂ ලක්ෂණ ඉස්මතු කිරීම සඳහා ඉවහල් වන කරුණු
කාරණා රාශියක් ඇතුළත් ය.
වැලිගම අග්‍රබෝධි විහාරාධිපති, රුහුණ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන
අංශයේ අංශාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, මහාචාර්ය මිදිගම සෝරත නාහිමියන් ඇතුළු
මහා සංඝරත්නය, මාතර හිටපු මහ දිසාපති, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ හිටපු ලේකම්
ඩබ්.කේ.කේ.අතුකෝරළ මැතිණිය, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා
මහතා, මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රවීණ
ජනමාධ්‍යවේදීන්, ගත් කතුවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment