‘ගමට දිරියක් - 2019’ ප්‍රජා සත්කාරක ජංගම සේවා වැඩසටහනක් අද (29) දින පෙරවරුවේ
මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් දර්ශන වික්‍රමාරච්චි මහතාගේ මූලිකත්වයෙන් මාතර -
වල්ගම උතුර කොටිකාගොඩ රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
එහි දී ජාතික හැඳුනුම්පත් සමබන්ධ රාජකාරි, විවාහ, උපත්, මරණ රෙජිස්ට්‍රාර්,
සමාජ සේවා අංශය, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන සේවා, විදාතා සම්පත් මධ්‍යස්ථානය, අපනයන
සංවර්ධන මණ්ඩලය, සාම්ප්‍රදායික කර්මාන්ත අංශය, වෘත්තීය පුහුණු පාඨමාලා තොරතුරු,
රැකියා අපේක්ෂිත අය ලියාපදිංචිය, විවිධ රැකියා උත්පාදන ආයතන, යෞවන සමාජ හා තරුණ සේවා,
ප්‍රජා විශෝධන සේවය, උපදේශන සේවය, ග්‍රාම නිලධාරීන්, ව්‍යවසාය සංවර්ධන අංශය, විදේශ රැකියා අංශය, සමථ
මණ්ඩල කටයුතු, ළමා හිමිකම් ප්‍රවර්ධන කටයුතු, පෙවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, වනිතා සේවා,
කලා කරුවන් සම්බන්ධ කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය, ඉඩම් අංශය, ව්‍යාපාර නාම
ලියාපදිංචිය, කම්කරු කාර්යාලය, බෞද්ධ කටයුතු සේවා, විශ්‍රාම වැටුප් අංශය, නීති ආධාර,
මධ්‍යම පරිසර අධිකාරිය හා විශ්‍රාම වැටුප් අංශය ඇතුළු අංශ ගණනාවක සේවා එකම වහලක්
යට දී ඉටු කර ගැනීමට ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව සැලසිණි.
මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වල්ගම, වල්ගම උතුර, වැවහමන්දූව,
කනත්තගොඩ උතුර, කනත්තගොඩ දකුණ හා මාතොටගම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි එම
වසම් වල ජනතාව සඳහා සේවාවන් සැපයීම අරමුණු කර ගනිමින් මෙම ප්‍රජා සත්කාරක ජංගම සේවය
පවත්වන ලදි.
මේ අවස්ථාවට රාජ්‍ය
නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment