Wednesday, March 20, 2019

මාතර - හක්මණ මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 869 ක්


මාතර සිට හක්මණ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පළමු කිලෝමීටර් දෙක සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 869 ක් වෙන්කර තිබේ. මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් මෙම මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත.

දැනට ඉදිවෙමින් පවතින මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව 2020 වර්ෂයේ විවෘත කිරීමට නියමිත අතර මාතර - හක්මණ මාර්ගය සංවර්ධනය කිරීම මගින් එය අධිවේගී මාර්ගයට පහසු ප්‍රවේශ මාර්ගයක් වනු ඇත. මාතර නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීමට ද මෙය ඉවහල්වනු ඇතැයි අපේක්ෂිත ය.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...