Wednesday, March 13, 2019

මාතර දිස්ත්‍රික්කයේ සමථ මණ්ඩල සභාපතිවරු හා උපසභාපතිවරු දැනුම්වත් කෙරේ




1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත ප්‍රකාරව මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාස ආවරණය වන පරිදි පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලවල සභාපතිවරුන් හා උප සභාපතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙහි දී සමථ මණ්ඩල පනත පිළිබඳව, සමථ මූල මණ්ඩල පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටළු පිළිබඳව සහ මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩලවල යාවත්කාලීන වන දත්ත හා තොරතුරු නිවැරදිව සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත වාර්තා කිරීමට අදාළව දැනුවත් කිරීම සිදු කෙරිණි.

මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතා සහ රංජනී ඩයස් මහත්මිය දැනුවත් කිරීම් සිදු කරන ලදි.



No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...