Tuesday, March 5, 2019

මාතර දිස්ත්‍රික්කයේ සමථ මණ්ඩල සභාපතිවරු දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හෙට (06) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී



1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත ප්‍රකාරව මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාස ආවරණය වන පරිදි පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලවල සභාපතිවරුන් හා උප සභාපතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හෙට (06) පෙ.ව.9.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.



සමථ මණ්ඩල පනත පිළිබඳව, සමථ මූල මණ්ඩල පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටළු පිළබඳව සහ මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩලවල යාවත්කාලීන වන දත්ත හා තොරතුරු නිවැරදිව සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත වාර්තා කිරීමට අදාළව මෙහි දී දැනුවත් කිරීමට නියමිත ය.



මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වේ.


No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...