Wednesday, March 13, 2019

දෙනියාය මූලික රෝහලට සුභෝපභෝගී ගිලන් රථයක්


සෞඛ්‍ය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත දෙනියාය මූලික රෝහල සඳහා සුභෝපභෝගී ගිලන් රථයක් පිරිනැමීම වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම රෝහලේ දී සිදු කෙරිණි.‍

එහි දී රෝහලේ සැත්කම් ඒකකය, බාහිර රෝගී අංශය, විකිරණ අංශය, රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටු, කාර්ය මණ්ඩලයට විශාල ගැටලුවක්ව පවතින නේවාසිකාගාර, සැත්කම් ඒකකයට ඇති අඩුපාඩු ඇතුළු ගැටළු රාශියකට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය වරයා අදාළ නිධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.

දෙනියාය මූලික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...