Wednesday, March 27, 2019

ප්‍රජා ජල අභිමානී වැඩසටහන යටතේ මී ඇල්ල පනන්වෙල ඒකාබද්ධ ප්‍රජා ජල ව්‍යාපෘතියට රුපියල් මිලියන 54.32 ක් වැය කෙරේ


ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබා දීමේ ප්‍රජා ජල අභිමානී වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මී ඇල්ල පනන්වෙල ඒකාබද්ධ ප්‍රජා ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 54.32 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කෙරේ. ඒ රජයේ ප්‍රතිපාදන රුපියල් මිලියන 49.99 ක් හා ප්‍රජා දායකත්වය රුපියල් මිලියන 4.33 ක් වශයෙනි.
 
ප්‍රජා ජල අභිමානී වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පනන්වෙල ගම්මානයේ දී පැවැත්විණි.

නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ප්‍රජා ජල අභිමානී වැඩසටහන සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයයි.

මේ අවස්ථාවට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ගරු අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා ප්‍රදේශවාසීන් සහභාගි වී සිටියහ.


No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...