Sunday, March 10, 2019

මාතර දිස්ත්‍රික්කයේ විගමනික පවුල්වල ගෘහස්ථ ඵලදායිතාව ඇගයේ



මාතර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින විගමනික පවුල්වල සමාජ ආර්ථික තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් පවත්වන ලද ගෘහස්ථ ඵලදායිතා තරඟයේ ජයග්‍රාහී පවුල් ඒකක සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 නියෝජනය කරමින් එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් ජයග්‍රාහකයින් තිදෙනා බැගින් ජයග්‍රාහකයින් 48 දෙනෙකු සඳහා ත්‍යාග හා සහ තිකපත්‍ර පිරිනැමීම සිදු කෙරිණි.

ත්‍යාග සහ සහතිකපත් සඳහා මාතර ප්‍රාග්ධන සමුපකාර බැංකුව සහ සර්වෝදය ආයතනය අනුග්‍රහය දක්වන ලදි.


මේ අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය හා ගෘහස්ථ ඵලදායිතා තරඟයේ ජයග්‍රාහකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් විදේශ රැකියා සම්බන්ධීකරණ නිලධාරී ඒ.බී.වයි.අබේවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ප්‍රාදේශිය විදේශ රැකියා සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ද සහාය ඇතිව වැඩසටහන සංවිධානය කරන ලදි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...