Tuesday, March 12, 2019

මාතර - කොකාවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ජනපති සුරතින් සිසු අයිතියට



මාතර කොකාවෙල මධ්‍ය  මහා විද්‍යාලයේ ප්‍රථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම ඊයේ (11) දින අතිගරු ජනාධිපති ‌ෙමෙත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොකාවෙමධ්‍ය මහා විද්‍යාලයේ දී සිදු කෙරිණි.


එම විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරනු ලබන ක්‍රීඩා මණ්ඩපයට මුල්ගල තැබීම ද එහි දී සිදු විය. මෙම ක්‍රීඩා මණ්ඩපය ඉදි කිරීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිත අතර ඊට අදාළව රුපියල් ලක්‍ෂ 25 චෙක් පතක් ජනාධිපතිතුමා අතින් විද්‍යාලයේ විදුහල්පතිවරයාට පිරිනමන ලදි.


දකුණු පළාත් ආණ්ඩුකාර රන්ජිත් කිර්ති තෙන්නකෝන් මහතා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා, දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතා,  දකුණු පළාත් සභා මන්ත්‍රී පසයාපා අබේවර්ධන මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා, මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා හර්ෂණී ආරියරත්න මහත්මිය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිධාරින්, විද්‍යාලයේ දූ දරුවන් සහ දෙමාපියන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

 
   

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...