Friday, March 29, 2019

ප්‍රවීණ මාධ්‍යවේදී ටී.කේ.ආරියදාස මහතා දිවියෙන් සමුගනී



මාතර දිස්ත්‍රික්කයේ කීර්තිමත් ජනමාධ්‍යවේදියෙකු වශයෙන් පුරා වසර 40 ට අධික කාලයක් සේවය කළ ටී.කේ.ආරියදාස මහතා තම දිවියෙන් සමුගනී.
 
ලේක්හවුස් ආයතනයේ හා විජය පුවත් සමාගමේ මාතර දිස්ත්‍රික් මාධ්‍යවේදි‍යකු ලෙස කටයුතු කර ඇති ටි.කේ. ආරියදාස මහතා අභාවප්‍රාප්ත වන විට 82 හැවිරිදි වියේ පසු විය.

අවසන් කටයුතු මාර්තු 31 වැනි ඉරිදා ප.ව.3.00 ට මාලිම්බඩ, දුව පවුලේ සුසාන භුමියේ දී සිදු කෙරේ.

එතුමාට නිවන් සුව ලැබේවා.......!

Matara - Gamata Diriyak

මාතර ‘ගමට දිරියක්’ ප්‍රජා සත්කාරක ජංගම සේවය අති සාර්ථකයි


‘ගමට දිරියක් - 2019’ ප්‍රජා සත්කාරක ජංගම සේවා වැඩසටහනක් අද (29) දින පෙරවරුවේ මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් දර්ශන වික්‍රමාරච්චි මහතාගේ මූලිකත්වයෙන් මාතර - වල්ගම උතුර කොටිකාගොඩ රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

එහි දී ජාතික හැඳුනුම්පත් සමබන්ධ රාජකාරි, විවාහ, උපත්, මරණ රෙජිස්ට්‍රාර්, සමාජ සේවා අංශය, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන සේවා, විදාතා සම්පත් මධ්‍යස්ථානය, අපනයන සංවර්ධන මණ්ඩලය, සාම්ප්‍රදායික කර්මාන්ත අංශය, වෘත්තීය පුහුණු පාඨමාලා තොරතුරු, රැකියා අපේක්ෂිත අය ලියාපදිංචිය, විවිධ රැකියා උත්පාදන ආයතන, යෞවන සමාජ හා තරුණ සේවා, ප්‍රජා විශෝධන සේවය, උපදේශන සේවය, ග්‍රාම නිලධාරීන්,  ව්‍යවසාය සංවර්ධන අංශය, විදේශ රැකියා අංශය, සමථ මණ්ඩල කටයුතු, ළමා හිමිකම් ප්‍රවර්ධන කටයුතු, පෙවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, වනිතා සේවා, කලා කරුවන් සම්බන්ධ කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය, ඉඩම් අංශය, ව්‍යාපාර නාම ලියාපදිංචිය, කම්කරු කාර්යාලය, බෞද්ධ කටයුතු සේවා, විශ්‍රාම වැටුප් අංශය, නීති ආධාර, මධ්‍යම පරිසර අධිකාරිය හා විශ්‍රාම වැටුප් අංශය ඇතුළු අංශ ගණනාවක සේවා එකම වහලක් යට දී ඉටු කර ගැනීමට ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව සැලසිණි.


මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වල්ගම, වල්ගම උතුර, වැවහමන්දූව, කනත්තගොඩ උතුර, කනත්තගොඩ දකුණ හා මාතොටගම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි එම වසම් වල ජනතාව සඳහා සේවාවන් සැපයීම අරමුණු කර ගනිමින් මෙම ප්‍රජා සත්කාරක ජංගම සේවය පවත්වන ලදි.

මේ අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටියහ.




2019 යළ කන්නයේ වී වගාව සඳහා රුපියල් මිලියන 267 ක රසායනික පොහොර මාතර ට

රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ 2019 යළ කන්නයේ මාතර දිස්ත්‍රික්කයේ වී වගා ඉලක්කය වන කුඹුරු හෙක්ටයාර් 14400 ක් හෙවත් කුඹුරු අක්කර 36000 ක් වගා කිරීම සඳහා රුපියල් මිලියන 267.93 ක් වැය කරමින් රසායනික පොහොර මෙට්‍රික් ටොන් 3874.84 ක් ලබා දීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කීර්ති අබේසිංහ මහතා පවසයි.

ඒ යූරියා මෙට්‍රික් ටොන් 2008.55 ක් ද, ටී.එස්.පී. මෙට්‍රික් ටොන් 643.14 ක් ද, එම්.ඕ.පී. මෙට්‍රික් ටොන් 1223.16 ක් ද වශයෙනි. මේ සඳහා වැය කරන මුදල රුලියල් මිලියන 267.93 ක් වන අතර ගොවීන් දරන්නේ රුපියල් මිලියන 38.74 කි. 2019 යළ කන්නය වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාරය සඳහා රජයේ වියදම රුපියල් මිලියන 229.18 ක් වේ. 

කිලෝ 50 ක යූරියා පොහොර මිටියක් සඳහා රුපියල් 3550.31 ක මුදල් ද, ටී.එස්.පී.පොහොර මිටියක් සඳහා රුපියල් 3391.58 ක මුදලක් ද, එම්.ඕ.පී. පෙහොර මිටියක් සඳහා රුපියල් 3339.47 ක මුදලක් ද රජය වැය කරයි. එහෙත් කිලෝ 50 පොහොර මිටියක් සඳහා ගොවීන්ගෙන් අය කරන්නේ රුපියල් 500 ක මුදලකි.

වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය මහා වාරිමාර්ග යෝජනා ක්‍රමය යටතේ කුඹුරු හෙක්ටයාර් 3611 ක් හෙවත් කුඹුරු අක්කර 9027.5 ක් ද, සුළු වාරිමාර්ග යෝජනා ක්‍රමය යටතේ කුඹුරු හෙක්ටයාර් 4293 ක් හෙවත් කුඹුරු අක්කර 10732.5 ක් ද, වාර්ෂා පෝෂිත යෝජනා ක්‍රමය යටතේ කුඹුරු හෙක්ටයාර් 6496 ක් හෙවත් කුඹුරු අක්කර 16240 ක් ද වශයෙන් කුඹුරු හෙක්ටයාර් 14400 ක් හෙවත් කුඹුරු අක්කර 36000 කි.

මාතර දිස්ත්‍රික් පොහොර අනු කමිටුවේ සභාපති මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන්.එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පොහොර අනු කමිටු රැස්වීමේ දී තීරණය කර ඇත්තේ 2019 මාර්තු මස 27 දිනෙන් අරඹා 2019 මැයි මස 15 දිනෙන් මාතර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා බලප්‍රදේශ 22 හි ම ගොවීන්ට පොහොර නිකුත් කර අවසන් කළ යුතු බවටයි. 

එසේ ම පිදුරු ගිණි තැබීම් සිදු නොකර ඒවා කුඹුරට ම පොහොර වීමට ඉඩ සලසන ලෙස ගොවීන්ට දැනුම් දීමට ද මෙහි දී තීරණය වූ බව කීර්ති අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.


අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...