Thursday, April 30, 2020

මාතර දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින්ට රුපියල් මිලියන 25.11 ක මුදලක් පිරිනැමේ


කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට සමගාමීව පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පන්දහස් විසිදෙදෙනෙකු (5022) සඳහා රාජ්‍ය සහනාධාර වශයෙන් රුපියල් 5000 බැගින් රුපියල් මිලියන 25.11 ක මුදලක් ගෙවා ඇති බව මාතර දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී ලලිත් ප්‍රදීප් කුමාර මහතා පවසයි.

ඒ අනුව ඔහු වැඩි දුරටත් පැවසුවේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 308 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.54 ක මුදලක් ද, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 441 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2.205 ක මුදලක් ද, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 352 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.76 ක මුදලක් ද, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 236 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.18 ක මුදලක් ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 219 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.095 ක මුදලක් ද, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 332 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.66 ක මුදලක් ද, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 305 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.525 ක මුදලක් ද, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 540 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2.7 ක මුදලක් ද, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 369 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.845 ක මුදලක් ද, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 339 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.695 ක මුදලක් ද, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 398 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.99 ක මුදලක් ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 208 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.04 ක මුදලක් ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 186 දෙනෙකු සඳහා රුපියල් මිලියන 0.93 ක මුදලක් ද, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 401 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2.005 ක මුදලක් ද,  අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 189 දෙනෙකු සඳහා රුපියල් මිලියන 0.945 ක මුදලක් ද, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 200 දෙනෙකු සඳහා රුපියල් මිලියනයක මුදලක් ද වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින් 5022 දෙනෙකු සඳහා රුපියල් මිලියන 25.11 ක මුදලක් ලබා දී ඇති බවයි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...