කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රටේ බොහෝ ජනතාවක් පීඩාවට
පත්ව සිටී. ඒ වෛරසය ආසාදනය වීමෙන් නොව තම තමාගේ ජීවිකාවන් නිසි අයුරින් පවත්වාගෙන යාමට
නොහැකි වීම හේතුවෙනුයි.
විශේෂයෙන්ම ප්‍රාදේශීය වශයෙන් වාර්තාකරණයේ යෙදෙන හෝ ප්රවෘත්ති
සපයන ජනමාධ්‍යවේදීන් ද ඒ අතර වෙයි. ඔවුන් සඳහා පිළිසරණක් වීමට “අපි වෙනුවෙන් අපි” තේමාව
පෙරටුකරගත් මාතර මාධ්‍යවේදියෝ සංවිධානය කටයුතු කරන ලදි. ඒ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක
ආරම්භය වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් සඳහා රු.2000 ට අධික වටිනාකමකින්
යුත් වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම ආරම්භ කිරීමත් සමඟයි.
මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති ක්‍රිෂාන් ජීවක
ජයරුක් මහතා මේ සඳහා නායකත්වය ගෙන කටයුතු කළ අතර ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු අනෙකුත්
සියලු දෙනාගේ සහයෝගය මේ සඳහා ලැබී තිබුණි.
No comments:
Post a Comment