Wednesday, April 29, 2020

මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් මිලියන 147.26 ක මුදලක්


කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට සමගාමීව පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවටපත් මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසි නවදහස් හාරසිය පනස් දෙදෙනෙකු (29452) සඳහා රාජ්‍ය සහනාධාර වශයෙන් රුපියල් 5000 බැගින් රුපියල් මිලියන 147.26 ක මුදලක් ලබා දී ඇති බව මාතර දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන සහකාර චමිලා සමරසිංහ මහත්මිය සඳහන් කරයි.
 
ඒ අනුව ඇය වැඩි දුරටත් සඳඑහන් කළේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 2210 දෙනෙකු සඳහා රුපියල් මිලියන 11.05 ක මුදලක් ද, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 2200 දෙනෙකු සඳහා රුපියල් මිලියන 11 ක මුදලක් ද, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1557 දෙනෙකු සඳහා රුපියල් මිලියන 7.785 ක මුදලක් ද, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1167 දෙනෙකු සඳහා රුපියල් මිලියන 5.835 ක මුදලක් ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1813 දෙනෙකු සඳහා රුපියල් මිලියන 9.065 ක මුදලක් ද, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1804 දෙනෙකු සඳහා රුපියල් මිලියන 9.02 ක මුදලක් ද, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1624 දෙනෙකු සඳහා රුපියල් මිලියන 8.12 ක මුදලක් ද, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 3344 දෙනෙකු සඳහා රුපියල් මිලියන 16.72 ක මුදලක් ද, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 2236 දෙනෙකු සඳහා රුපියල් මිලියන 11.18 ක මුදලක් ද, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 2689 දෙනෙකු සඳහා රුපියල් මිලිය 13.445 ක මුදලක් ද, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1552 දෙනෙකු සඳහා රුපියල් මිලියන 7.76 ක මුදලක් ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1591 දෙනෙකු සඳහා රුපියල් මිලියන 7.955 ක මුදලක් ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1638 දෙනෙකු සඳහා රුපියල් මිලියන 8.19 ක මුදලක් ද, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1800 දෙනෙකු සඳහා රුපියල් මිලියන 9 ක මුදලක් ද,  අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1398 දෙනෙකු සඳහා රුපියල් මිලියන 6.99 ක මුදලක් ද, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 829 දෙනෙකු සඳහා රුපියල් මිලියන 4.145 ක මුදලක් ද වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 29452 දෙනෙකු සඳහා රුපියල් මිලියන 147.26 ක මුදලක් ලබා දී ඇති බවයි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...