2020 යළ කන්නයේ මාතර
දිස්ත්‍රික්කයේ අක්කර 35700 ක් හෙවත් හෙක්ටයාර් 14280 ක වී වගා කිරීමට සැලසුම් සකස්
කර තිබේ.
මේ බව අනාවරණය කෙරුණේ
2020 යළ කන්නයට අදාළව මාතර දිස්ත්‍රික්කයේ භෝග වගා සැලැස්ම සකස් කිරීම සඳහා ආරක්ෂිත
ක්‍රමවේද අනුගමනය කරමින් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතාගේ
ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ
දී පැවති රැස්වීමේ දී ය.
මෙහි දී තවදුරටත්
අනාවරණය කෙරුණේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතය හමුවේ පසුබට නොවී රජයේ වැඩපිළිවෙල
අනුව අක්කර 35700 ක් වී වගා කර මෙට්‍රික් ටොන් 42330 ක වී අස්වැන්නක් බලාපොරොත්තු වන
බවයි.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
ජාතික පොහොර ලේකම් කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව
ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ සියලු ආයතන එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත
ය.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේදීර මහත්මිය,
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල නියෝජිතයින්
සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment